දේශීය

පොලී අනුපාත පහළට ?

ඉදිරියේ දී පොලී අනුපාතයන් පහළ යා හැකි බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

 

අද (08) පාර්ලිමේන්තුවේදී පැනයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ, ආර්ථිකය ස්ථාවරවීම තුළ ජනතාවට එම සහන ලබාදෙන බවය.

 

උද්ධමනය වේගයෙන් පහළයෑම හේතුවෙන් සාමාන්‍ය ජනතාවට බැංකු තුළින් එම සහනය ලැබෙනු ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

 

පසුගිය මාස කිහිපය තුළ පොලී අනුපාතය අඩුවීමේ වැඩිම අගය ඊයේ දින වාර්තා වූ බවද ඒ මහතා කියා සිටියේය.

 

ඒ අනුව, දින 91ක භාණ්ඩාගාර බිල්පත් සඳහා 2.5% පොලී අනුපාතිකයක් අඩුවී ඇති අතර දින 182 භණ්ඩාගාර බිල්පත් සඳහා 3.4%කට ආසන්න ප්‍රතිශතයකින් අඩුවී ඇති බවද රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

ආපදාවෙන් ජීවිත දේපළ රැක ගැනීමට වෙහෙසුන සැමට, පොළොන්නරු රාජ්‍ය නායකයාගේ ප්‍රණාමය…!

Editor O

නව කොරෝනා රෝගීන් 11දෙනා ගැන තොරතුරු රැසක්

Mohamed Dilsad

රවී CIDයට පැමිණේ

Mohamed Dilsad

Leave a Comment