විදෙස්

කැනඩාවේ ලැව්ගිනි හේතුවෙන් උතුරු අමෙරිකාවට බලපෑම්

කැනඩාවේ පවතින ලැව්ගිනි හේතුවෙන් උතුරු අමෙරිකාවේ මිලියන ගණනක පිරිසකට බලපෑම් එල්ල වී තිබේ.

 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දැඩි ලැව්ගිනි හේතුවෙන් ඇතිවන අහිතකර දුමාරයෙන් ආරක්ෂා වන ලෙස කැනඩා රජය ජනතාවට උපදෙස් ලබාදී ඇති බවය.

 

ලැව්ගිනි හේතුවෙන් ඇතිවන දුමාරය ඉතා අනතුරුදායක වන බැවින් එයින් ආරක්ෂාව වීම සඳහා මුහුණු ආවරණ පැළදීමට උපදෙස් ලබාදී ඇති අතර එසේ නොමැතිනම් අදාළ පිරිස් වෙත ගෘහාශ්‍රිතව සිටින ලෙස දැනුම් දී තිබේ.

 

කැනඩාව පුරා පැතිර යන ලැව්ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 20,000ක් පමණ සිය නිවෙස් වලින් ඉවත් කර ඇති බව වාර්තා වේ.

 

මෙම ලැව්ගිනි තත්ත්වය සතිඅන්තය දක්වා පවතිනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Related posts

හිටපු ජනාධිපතිට වෙඩි තැබූ සැකකරු අල්ලයි

Editor O

අවුන්සාන් සුචීව අත්අඩංගුවට ගැනීම ජගත් මහලේකම්වරයා හෙළා දකී

Mohamed Dilsad

නෙදර්ලන්ත විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකා සංචාරයක

Mohamed Dilsad

Leave a Comment