විදෙස්

අවුන්සාන් සුචීව අත්අඩංගුවට ගැනීම ජගත් මහලේකම්වරයා හෙළා දකී

(UTV | මියන්මාර) – මියන්මාර පාලක ජාතික ලීගයේ නායිකා අවුන්සාන් සුචී ඇතුලු රජයේ ඉහළම පෙලේ දේශපාලනඥයන් පිරිසක් අත්අඩංගුවට ගැනීම ජගත් මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් මහතාද හෙළා දැක ඇත.

විධායක – ව්‍යවස්ථාදායක සහ අධිකරණ බලතල සියල්ල හමුදාව යටතට පැවරීම කණගාටුදායක තත්වයක් බව මහ ලේකම්වරයාගේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් මහතා නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙයි.

මියන්මාරය තුළ සිදුවෙමින් පැවති ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සඳහා මෙම අත්අඩංගුවට ගැනීම් දැඩි පහරක් එල්ලකරන බවත් එහි සඳහන්.

මියන්මාර පාලක ලීගයේ නායිකා අවුන්සාන් සුචී ඇතුලු ජ්‍යෙෂ්ඨයන් පිරිසක් මෙන්ම එරට ජනාධිපතිවරයාද මේ වනවිට සිටින්නේ හමුදා අත්අඩංගුවේයි.

මේ අතර අමෙරිකාව – ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල් රැසක් මියන්මාර හමුදා පාලකයන්ට අවධාරණය කර සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන ලෙසටයි.

නිවේදනයක් නිකුත් කරමින් ධවල මන්දිරය සඳහන් කලේ ජනාධිපති ජෝ බයිඩ්න් මහතාද මියන්මාරයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවයි.

Related posts

ඊශ්‍රායලය, ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් රැසක් ජීවිතක්ෂයට

Editor O

ඇමෙරිකාව සහ චීනය එකට – එක කරයි.

Editor O

නැවත දැනුම් දෙනතුරු ලාහෝරයට ගුවන් ගමන් නැහැ – ශ්‍රී ලංකන් ගුවන් සේවය

Editor O

Leave a Comment