දේශීය

“ලෝක කෘෂිකර්ම ඇමතිවරුන්ගේ හමුවක් කැඳවන්න..”

(UTV | කොළඹ) – ඉදිරි වසර දෙක සඳහා ආහාර අවශ්‍යතා තක්සේරු කර වාර්තාවක් ඉදිරිපත් කිරීමට සියලු රටවල කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ රැස්වීමක් කැඳවන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ COP27 සමුළුවේ ආහාර සුරක්ෂිතාව පිළිබඳ වට මේස සාකච්ඡාවට ඊයේ (0 7) සහභාගි වෙමින් ඉල්ලා ඇත.

ගෝලීය ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා තිරසර ණය සහන සැලැස්මක් කඩිනමින් සකස් කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

2023 පෙබරවාරි මස වන විට මෙම තිරසර ණය සහන සැලැස්ම සකස් කර 2023 පළමු කාර්තුව අවසන් වන විට එය ක්‍රියාත්මක කළ යුතු බව පැවසූ වික්‍රමසිංහ මහතා එසේ නොවුණහොත් ලෝකයේ රටවල දේශපාලන හා සමාජ ව්‍යුහයන්ට සිදුවිය හැකි හානිය නැවත පිළිසකර කළ නොහැකි බවද සඳහන් කර ඇත.

Related posts

අණ නොතැකූ ත්‍රීරෝද රථයට පොලීසියෙන් වෙඩි

Mohamed Dilsad

බිත්තර ලක්ෂයක් විසි කළ හේතුව ?

Mohamed Dilsad

අස්ථානගත වූ දුරකථන ගැන පැමිණිලි කිරීමට නව ක්‍රමවේදයක්

Mohamed Dilsad

Leave a Comment