දේශීය

බිත්තර ලක්ෂයක් විසි කළ හේතුව ?

මහකුඹුක්කඩවල, වල්පාළුව රක්ෂිතය තුළ නරක් වු බවට සැක කරන බිත්තර විශාල ප්‍රමාණයක් කවුරුන් හෝ ගෙනවිත් දමා ඇතැයි ප්‍රදේශවාසියෙකුගෙන් ලැබුණු තොරතුරක් මත පුත්තලම දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් සහ පොලීසිය අද (11) එම රක්ෂිතයට ගොස් තිබුණි.

 

එහිදී දක්නට ලැබී ඇත්තේ බිත්තර විශාල ප්‍රමාණයක් කුඩුවී එහි කටු රක්ෂිතයේ පාළු ස්ථානයක විසිරි තිබුණු අයුරුය.

 

පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් සැක පළ කරන්නේ සඟවා සිටි බිත්තර ලක්ෂයක් පමණ මෙම ස්ථානයට ගෙනැවිත් දමන්නට ඇති බවටය.

 

මේ අතර, අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමත් සමග වෙළෙඳපොළ තුළ ආනයනික අර්තාපල්, ලොකු ලූනු ඇතුළු භාණ්ඩ රැසක මිලගණන් මේ දිනවල සැලකිය යුතු මට්ටමින් පහළ ගොස් ඇත.

 

ඒ අනුව සතොස වෙළෙඳසැල් රැසක භාණ්ඩ මිල ගණන්ද පහළ ගොස් ඇති ආකාරය දක්නට ලැබුණි.

 

පිටකොටුව තොග වෙළෙඳසැල් ආශ්‍රිතව අප කළ සංචාරයේදී දැකගන්නට ලැබුණේ එහි අලෙවිකරන භාණ්ඩ රැසක මිල සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති අයුරුය.

Related posts

කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 12 දෙනා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට තවත් ණයක් ලැබෙයි. මෙරට විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 200 කින් ඉහළට.

Editor O

බස්නාහිර පළාතේ පුද්ගලයින් 57,000 කට අද කොවිෂීල්ඩ් එන්නත

Mohamed Dilsad

Leave a Comment