දේශීය

බහලුම් ප්‍රවාහන ගාස්තුත් ඉහළට

(UTV | කොළඹ) – බහලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ දමා ඇති බව සමස්ත ලංකා බහලුම් ප්‍රවාහන රථ ඒකාබද්ධ සංගමයේ සභාපති සනත් මංජුල මහතා පවසයි.

අද (ජූනි 27) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බහලුම් ගාස්තු ඉහළ දමන බව ය.

ඒ අනුව, අදාළ බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 10%කින් ඉහළ දැමීමට නියමිත බව සභාපතිවරයා සඳහන් කළේ ය.

“රජය ඉන්ධන මිල ඉහළ දැමීමත් එක්ක රුපියල් 60කින් ඩීසල් මිල වැඩි වෙලා තියෙනවා. මේ ප්‍රවාහන ක්ෂේත්‍රය පවත්වා ගෙන යාම සඳහා අපි මේ ඉන්ධන මිල අය කරගත යුතුයි. විශේෂයෙන් අපේ අමතර කොටස් ටයර් බැටරිවල මිලත් ඉහළ ගිහිල්ලා තියෙනවා නමුත්මේ අපිට ඒ මුදල මේ අවස්ථාවේදී ලබා ගැනීමට නොහැකි නිසා තමයි අපි තීරණය කළේ මේ වෙලාවේ සියලු දෙනා ම අපහසුතාවයට පත් වෙලා තියෙන නිසා ඉන්ධනවලට වැයවන මුදල පමණක් අය කරගැනීමට කටයුතු කරන්න ඕන කියලා. ඒ හින්දා තමයි අපි මේ 10%ක මුදල වැඩි කරන්න තීරණය කළේ.”

Related posts

වත්කම්- බැරකම් ප්‍රකාශ නොදුන් රාජ්‍ය සේවකයින්ට වැඩ වරදී…! වසරක වැටුපට සමාන දඩයක් සහ වසරක සිරදඬුවම්…!

Editor O

නිරෝධායන ඇඳිරි නීතිය සම්බන්ධයෙන් යුධ හමුදාපතිගේ ප්‍රකාශය

Mohamed Dilsad

හජ් උත්සවය සැමරීම අගෝස්තු 01 වනදා

Mohamed Dilsad

Leave a Comment