දේශීයප්‍රමුඛ පුවත 1

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

(උදයම්, කොළඹ) –
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳයේ ජ්‍යේෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකරන ලද දැනුම්දීමකට අනුව මෙම විමර්ශනය සිදුකරන බවයි.

ඊයේ (03) රාත්‍රී 9.00ට පමණ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව එම අමාත්‍යාංශය පැවසීය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳයට පැමිණිලි ඉදිරිපත් කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත් මේ හේතුවෙන් වෙබ් අඩවියේ දත්තවලට හානියක් සිදුවී නොමැත.

Related posts

නව ජනපතිට අමෙරිකාවෙන් සුභ පැතුම්

Mohamed Dilsad

හික්කඩුවේදී අනතුරට ලක්වූ ධීවර යාත්‍රාව සොයා පරීක්‍ෂණ

Mohamed Dilsad

වෙළෙඳ සංගම් බිත්තර සඳහා මිල සූත්‍රයක් ඉල්ලයි.

Editor O

Leave a Comment