දේශීය

ව්‍යවස්ථාදායක සභාව අද රැස්වෙයි

ව්‍යවස්ථාදායක සභාව අද (07) යළි රැස්වීමට නියමිතව තිබේ.

 

ව්‍යවස්ථාදායක සභාව පසුගිය 25 වනදා සහ පසුගිය 30 වනදා රැස්ව තිබුණි.

 

අද ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිත අතර එහිදි කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත් කිරිමේ නව ක්‍රමවේදය පිළිබඳ අවදානය යොමු කිරීමට නියමිතය.

 

පෙබරවාරි මස පළමු වැනිදා සිට පෙබරවාරි මස 15 වනදා දක්වා කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත් කර ගැනීමට අවස්ථාව සලසා දීමට පළමු රැස්වීමේ දි තීරණය කළේය.

 

ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම සඳහා ද සාමාජිකයෙකු යෝජනා කර ඇති අතර ඊට අදාළ යෝජනාව ද අද දිනයේදී සාකච්ඡාවට ගැනීමට නියමිතය.

 

 

Related posts

කැබිනට් මාධ්‍ය හමුව

Mohamed Dilsad

මාතලේට අද පැය 24ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

ප්‍රධාන ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළට

Mohamed Dilsad

Leave a Comment