දේශීය

තවත් මිනිස් ජාවාරමක්

මිනිස් ජාවාරමකට සම්බන්ධ තවත් සැකකරුවෙක් අම්බලන්තොටදී අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්තොට, නෝනාගම, වැලිපටන්විල පදිංචිකරුවෙකි.

 

විදේශ සේවා නියුක්ති කාර්යාශය පැවසුවේ, එම සැකකරු විසින් තායිලන්තයේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් ලබාගෙන සංචාරක වීසා මත ලාඕසයට රැගෙන ගොස් ඔවුන්ව අතරමංකර ඇති බවය.

 

එම ප්‍රධාන සැකකරු විසින් පුද්ගලයින්ගෙන්ගෙන් ලක්ෂ 19 පමණ මුදලක් වංචා කර ඇති බවට අනාවරණය වී ඇත.

 

ඊට සම්බන්ධ තවත් අයෙක් වැටලීමේදී පළාගොස් ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ කටයුතු සිදුකරන බව විදේශ සේවා නියුක්ති කාර්යාශය පවසයි.

 

එම පළාගිය සැකකරු පළාත් පාලන මැතිවරණය සඳහා, ජාතික ජන බලවේගයෙන් අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටි අයෙක් බවටද තොරතුරු අනාවරණය වී ඇත.

 

අත්අඩංගුවට ගෙන ඇති ප්‍රධාන සැකකරු ඊයේ (06) හම්බන්තොට දිසා මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කීරීමෙන් පසු එළැඹෙන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

 

එමෙන්ම, එම සැකකරුට අධිකරණය විසින් නියෝගකර ඇත්තේ මේ වනවිට ලාඕසයේ අතරමං ව සිටින ශ්‍රී ලාංකිකයින් වහාම ලංකාවට ගෙන එන ලෙසටය.

Related posts

ඉන්ධන මිල සංශෝධනය කෙරේ

Mohamed Dilsad

සරත් ෆොන්සේකා ජනාධිපතිවරණය ඉදිරිපත් වන බව කියයි.

Editor O

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

Leave a Comment