දේශීය

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට

(UTV | නුවරඑළිය) – මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් වල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වී තිබේ.

ජලාශ භාර ඉංජිනේරුවන් කියා සිටියේ කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 3ක් ද මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 8 ක්ද වශයෙන් ද පවතින බවයි.

ජලාශවල ජල මට්ටම ඉහල යාමත් සමග කැනියොන් , ලක්ෂපාන , නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරෙන්ද්‍ර යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව විදුලි බලාගාර ඉංජිනේරුවන් ප්‍රකාශ කරයි.

Related posts

සිමෙන්ති ආනයනයට පනවා ඇති බද්ද අඩු කරයි.

Editor O

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට යතුරු පැදි ලබාදීමේ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

ඩයනාගේ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

Mohamed Dilsad

Leave a Comment