Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

සිමෙන්ති ආනයනයට පනවා ඇති බද්ද අඩු කරයි.

ආනයනික සිමෙන්ති සඳහා පනවා ඇති සෙස් බද්ද අඩු කළ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. ආනයනික සිමෙන්ති කිලෝවකට පනවා ඇති බද්ද රුපියලකින් අඩු කර තිබේ. ඒ අනුව, කෘතිම ලෙස වර්ණ ගැන්වූ හෝ නොගැන්වූ සුදු සිමෙන්ති කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 5ක් ව පැවති සෙස් බද්ද රුපියල් 4 දක්වා අඩු කර තිබේ.

කිලෝග්‍රෑම් 50 සහ ඊට අඩු ඇසුරුම්වලින් ආනයනය කරනු ලබන සිමෙන්ති සඳහා රුපියල් 8ක්ව පැවති සෙස් බද්ද රුපියල් 7 දක්වා අඩු කර තිබේ. මෙම අඩුකිරීම සැප්තැම්බර් මස 06 වනදා සිට ක්‍රියාත්මක බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

Related posts

இசைப்புயலின் 99 Songs ரிலீஸ் திகதி இதோ…

Mohamed Dilsad

සියලු ඖෂධ අලෙවිසැල් අද සිට විවෘතව තැබීමට අවසර

Mohamed Dilsad

புகையிரதத்தில் மோதிய சிறுவன் பரிதாபமாக பலி

Mohamed Dilsad

Leave a Comment