දේශීය

සියලු ඖෂධ අලෙවිසැල් අද සිට විවෘතව තැබීමට අවසර

(UTV | කොළඹ) – අද (10) සිට සියලු ඖෂධ අලෙවිසැල් උදෑසන 9.00 සිට සවස 5.00 දක්වා විවෘතව තැබිමට අවසර දී තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ කොරෝනා අවදානම් කලාප වල ජනතාවට සිය ඖෂධ ලබා ගැනීම සඳහා ප්‍රවාහන පහසුකම් ලබාදීමට පියවර ගන්නා බවයි.

එම කටයුතු ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ ශ්‍රී ලංකා යුද හමුදාව ඒකාබද්ධව සිදුකරනු ඇති බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කරයි.

ඒ අනුව ග්‍රාම නිලධාරීන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් ඒ ඒ ප්‍රදේශවල ජනතාවගේ ඖෂධ අවශ්‍යතා හඳුනාගෙන ඊට අනුකූලව ප්‍රවාහන පහසුකම් සැපයෙනු ඇති.

 

Related posts

විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ අඛණ්ඩ වැඩ වර්ජනය අත්හිටුවයි

Editor O

ගූගල් සිතියමේ “ඒ” සහ “බී” මාර්ග යාවත්කාලීන කරයි…

Editor O

කොරෝනා රෝගීන්ගෙන් සුවය ලැබූ සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

Leave a Comment