කලා

බොලිවුඩ් නළු සුෂාන්ත්ගේ පෙම්වතිය අත්අඩංගුවට

(UTV | ඉන්දියාව) – සියදිවි නසා ගත් බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත්ගේ පෙම්වතිය වන බොලිවුඩ් නිළි රීයා චක්‍රබොර්තිය ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

34 හැවිරිදි සුෂාන්ත්ගේ සියදිවි නසා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන වලට අනුව සිදුකෙරෙන මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා සම්බන්ධයෙන් දින තුනක ප්‍රශ්න කිරීම්වලින් පසු මෙලෙස රීයා චක්‍රබොර්තිව අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මීට පෙර මෙම නිළියගේ සහෝදරයා වන ෂොයික් චක්‍රබෝර්තිද මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියේ මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය සිය පරීක්ෂණ ආරම්භ කළේ රියා චක්‍රබෝර්තී ගේ දුරකථනයෙන් ලබාගත් වට්ස්ඇප් සංවාද පදනම් කරගෙන බවයි.

Related posts

මාතෘත්වයට පිදෙන Happy Birthday දිවයින පුරා

Mohamed Dilsad

‘ගේම් ඔෆ් ත්‍රෝන්ස් ‘අවසාන් කතා මාලාවට ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහලට.

Mohamed Dilsad

ලෝ ප්‍රකට සංගීතවේදී එල්ටන් ජෝන් ඉහළම ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි

Mohamed Dilsad

Leave a Comment