දේශීය

වාරණ මණ්ඩලය අහෝසියි

(UTV | කොළඹ) – භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සහ නිර්මාණ අයිතිය ආරක්‍ෂා කරලීම පදනම් කරගත් ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ පනත් කෙටුම්පත ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කළ කමිටු සාමාජිකයන් විසින් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත බාරදෙනු ලැබිණි .

මෙම නව කෙටුම්පත සැකසීම සඳහා රැඟුම් පාලක මණ්ඩලයේ හිටපු සභාපති සමන් අතාවුදහෙට්ටි මහතාගේ සභාපතිත්වයෙන් පත් කරන ලද කමිටුවට සිනමාවේදී අශෝක හඳගම, නාට්‍යවේදී රාජිත දිසානායක, නිර්මාණවේදිනී අනෝමා රාජකරුණා සහ ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක යන මහත්ම මහත්මීහු ඇතුළත් වූහ.

චිත්‍රපට, වේදිකා නාට්‍ය හා ප්‍රසංග කලාවට සම්බන්ධ විවිධ පාර්ශවයන් සමඟ සාකච්ඡා කර, ජාත්‍යන්තර නව ප්‍රවණතාවන් සහ ප්‍රමිතීන්ට අනුකූලව මෙම කෙටුම්පත සකස් කර තිබේ.

මේ වන විට ක්‍රියාත්මක වන 1912 දී සම්මත කෙරුණු ප්‍රසිද්ධ රැඟුම් පාලන ආඥා පනත පරිච්ඡින්න කොට මෙම නව පනත ක්‍රියාත්මක කරලීමට අපේක්‍ෂිතය.

වර්තමානයේ කලා නිර්මාණයන් සම්බන්ධයෙන් මතුවන බොහෝ ගැටළු සඳහා මෙම පනත ඔස්සේ විසඳුම් ලබා දී ඇති බවත්, මෙය ක්‍රියාත්මක කරලීම සමගම නිර්මාණ නිදහස පූර්ණ ලෙසම ආරක්‍ෂා වන බවත් කමිටු සභාපති සමන් අතාවුදහෙට්ටි මහතා පැවසීය.

Related posts

තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

ජනාධිපති අනුරගේ පොහොර සහ ඉන්දන සහනාධාර, වහාම නතර කරන ලෙස මැතිවරණ කොමිෂමෙන් නියෝගයක්

Editor O

එළාර නැවත ඉපදිලා ජාතියෙන් පළිගන්නවා | ආගමික භක්තිවන්ත ක්‍රියාදාමය තීරණය කරන්න ලොන්තපොල්ට බෑ – හිටපු ඇමති විමල් වීරවංශ

Editor O

Leave a Comment