දේශීය

අද සිට විදුලි බිල ඉහළට

(UTV | කොළඹ) – අද (10) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල 75% ක සාමාන්‍ය අගයකින් වැඩි කිරීමට ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබාදෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව ඒකක 0 සිට 30 දක්වා භාවිතා කරන පාරිභෝගිකයින්ට විදුලි බිල සඳහා රුපියල් 198 ක වැඩිවීමක් සහ ඒකක 31 සිට 60 දක්වා භාවිතා කරන පිරිස් සඳහා රුපියල් 599 ක වැඩිවීමක් සිදුවීමට නියමිතයි.

එසේම ඒකක 61 සිට 90 දක්වා භාවිතා කරන පිරිස් සඳහා රුපියල් 1,461 ක විදුලි බිල වැඩිවීමක් සහ ඒකක 91 සිට 120 දක්වා භාවිතා කරන පිරිස් සඳහා විදුලි බිලෙහි රුපියල් 2,976 ක වැඩීවීමක් සිදු වනවා.

ඒකක 121 සිට 180 දක්වා භාවිතා කරන පාරිභෝගිකයින්ගේ විදුලි බිල්පත රුපියල් 5,005 ක වැඩිවීමක් සිදුවන බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

ලෝකය පුරා සිටින දක්ෂ සේවකයන් ඇමෙරිකාවට ගෙන්වා ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් සැලැස්මක්

Editor O

පාතාල නායක ‘කොස්ගොඩ තාරක’ පොලිස් වෙඩි පහරින් මරුට

Mohamed Dilsad

ෆයිසර් සහ මොඩර්නා එන්නත් පළමු මාත්‍රාවෙන්ම ක්‍රියාකාරී වන බව හෙළිවේ

Mohamed Dilsad

Leave a Comment