දේශීය

අද සිට විදුලි බිල ඉහළට

(UTV | කොළඹ) – අද (10) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල 75% ක සාමාන්‍ය අගයකින් වැඩි කිරීමට ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබාදෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව ඒකක 0 සිට 30 දක්වා භාවිතා කරන පාරිභෝගිකයින්ට විදුලි බිල සඳහා රුපියල් 198 ක වැඩිවීමක් සහ ඒකක 31 සිට 60 දක්වා භාවිතා කරන පිරිස් සඳහා රුපියල් 599 ක වැඩිවීමක් සිදුවීමට නියමිතයි.

එසේම ඒකක 61 සිට 90 දක්වා භාවිතා කරන පිරිස් සඳහා රුපියල් 1,461 ක විදුලි බිල වැඩිවීමක් සහ ඒකක 91 සිට 120 දක්වා භාවිතා කරන පිරිස් සඳහා විදුලි බිලෙහි රුපියල් 2,976 ක වැඩීවීමක් සිදු වනවා.

ඒකක 121 සිට 180 දක්වා භාවිතා කරන පාරිභෝගිකයින්ගේ විදුලි බිල්පත රුපියල් 5,005 ක වැඩිවීමක් සිදුවන බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

කොරෝනා පාලනය කිරීම අතින් ශ්‍රී ලංකාව ලොව හොඳම රටවල් 10 අතරට

Mohamed Dilsad

දුම්රිය ගාස්තුත් වැඩිවන ළකුණු

Mohamed Dilsad

යෞවන සමාජ, දේශපාලනයට යොදා නොගත යුතුයි – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

Leave a Comment