දේශීය

කොරෝනා පාලනය කිරීම අතින් ශ්‍රී ලංකාව ලොව හොඳම රටවල් 10 අතරට

(UTV| කොළඹ) – ඕස්ට්‍රේලියානු ලෝවි ආයතනය මගින් සිදුකළ නව විශ්ලේෂණයකට අනුව කොරෝනා වෛරස් වසංගතය පාලනය කිරීම සඳහා සාර්ථක ප්‍රතිචාර දැක්වූ ලොව ප්‍රමුඛ රටවල් 10 අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් කර ඇත.

එක් එක් රටවලින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව / මරණ ගණන සහ සිදුකරන පරීක්ෂණ සංඛ්‍යාව වැනි කරුණු පදනම් කරගෙන මෙම වාර්තාව සකස් කර තිබේ.

ඊට අනුව පළමු ස්ථානය හිමිකරගෙන ඇත්තේ නවසීලන්තයයි.

වියට්නාමය සහ තායිවානය දෙවන සහ තුන්වන ස්ථානවලට නම්කර ඇති අතර, එහි ප්‍රථම රටවල් 10 අතරට අයත් එකම දකුණු ආසියාතික රට වන්නේ ශ්‍රී ලංකාවයි.

මෙම අධ්‍යයනයට අනුව අමෙරිකාවට ලැබී ඇත්තේ 94 වන ස්ථානයයි. ඉන්දියාව 86 වන ස්ථානයට පත්ව ඇත.

මෙහිදී ලෝවි ආයතනයේ පර්යේෂකයින් රටවල් සියයක පමණ කොරෝනා මර්දන ක්‍රියාමාර්ග මෙන්ම හඳුනා ගැනීමේ පරීක්ෂණ අනුපාතය සහ මරණ අනුපාතයද සැලකිල්ලට ගෙන තිබේ.

 

 

 

Related posts

නිවාස රැසකට තවදුරටත් විදුලි සැපයුම අඩාලයි

Mohamed Dilsad

ජොනි ඇතුලු 03 කට සිතාසි

Mohamed Dilsad

කොරෝනා ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

Leave a Comment