දේශීය

ජොනි ඇතුලු 03 කට සිතාසි

(UTV | කොළඹ) – හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුලු 03 දෙනෙකුට ලබන 04 වනදා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර තිබෙනවා.

ඒ 2010-2015 කාලසීමාවේදී නිදහස් සන්ධාන රජය පැවති සමයේ සතොස සේවකයන් 150 දෙනෙකු රාජකාරිවලින් මුදාහැර දේශපාලන කටයුතුවල යෙදවූ බව කියන සිද්ධියට අදාළවයි.

මෙම කරුණට අදාළව අල්ලස් කොමිසම විසින් පසුගිය මැයි 30 වනදා නඩු 05 ක් පවරනු ලැබූ අතර ඉන් එක් නඩුවකට අදාළවයි කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් මෙලෙස සිතාසි නිකුත් කර ඇත්තේ.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අමතරව සතොස හිටපු සභාපති එරා– ප්‍රනාන්දු සහ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ මොහොමඩ් ශකීර් යන අයටද මෙලෙස සිතාසි නිකුත් කර තිබෙනවා.

Related posts

IIHS Multiversity Campus දෙවන සංවත්සරය සමරයි

Editor O

ගල්අඟුරු නෞකා 36ක් ගෙන්වීමට සැලසුමක්

Mohamed Dilsad

සෞඛ්‍ය හේතූ මත ඉන්දියාවට ගිය ශ්‍රී ලාංකිකයින් යළි ගෙන්වා ගැනීමට වැඩපිළිවෙළක්

Mohamed Dilsad

Leave a Comment