දේශීය

ජොනි ඇතුලු 03 කට සිතාසි

(UTV | කොළඹ) – හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුලු 03 දෙනෙකුට ලබන 04 වනදා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර තිබෙනවා.

ඒ 2010-2015 කාලසීමාවේදී නිදහස් සන්ධාන රජය පැවති සමයේ සතොස සේවකයන් 150 දෙනෙකු රාජකාරිවලින් මුදාහැර දේශපාලන කටයුතුවල යෙදවූ බව කියන සිද්ධියට අදාළවයි.

මෙම කරුණට අදාළව අල්ලස් කොමිසම විසින් පසුගිය මැයි 30 වනදා නඩු 05 ක් පවරනු ලැබූ අතර ඉන් එක් නඩුවකට අදාළවයි කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් මෙලෙස සිතාසි නිකුත් කර ඇත්තේ.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අමතරව සතොස හිටපු සභාපති එරා– ප්‍රනාන්දු සහ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ මොහොමඩ් ශකීර් යන අයටද මෙලෙස සිතාසි නිකුත් කර තිබෙනවා.

Related posts

වී හිඟයෙන්, මෝල් සියයට 70%ක් වැහිලා. මෙහෙම ගියොත් ඉතුරු ටිකත් වැහේවි – ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය

Editor O

සහල් හිඟය උග්‍රවෙයි.

Editor O

සමස්ත ලංකා තරුණ මුස්ලිම් සමුළුව සංවිධානය කළ ලේ දැන් දීමේ කඳවුර සාර්ථකව අවසන්[PHOTO]

Mohamed Dilsad

Leave a Comment