දේශීය

දිවයිනේ තෝරාගත් ඉන්ධන පිරවුම්හල් හරහා සෞඛ්‍ය සේවකයින්ට අද සිට ඉන්ධන

(UTV | කොළඹ) – දිවයිනේ තෝරාගත් ඉන්ධන පිරවුම්හල් හරහා සෞඛ්‍ය සේවකයින්ට ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙල අද ආරම්භ කෙරෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ ඉන්ධන ලබාගැනීමට අවශ්‍ය සෞඛ්‍ය සේවකයින් ඔවුන් සේවය කරන රෝහල් පරිපාලනය හරහා ලියාපදිංචි විය යුතු බවයි.

එලෙස ලියාපදිංචි වූ සෞඛ්‍ය සේවකයින්ට පමණක් අද සිට සෑම සිකුරාදා දිනයකදීම ඉන්ධන සැපයෙනු ඇති.

තෝරාගත් ඉන්ධන පිරවුම්හල් 74 ක් හරහා මෙලෙස ඉන්ධන ලබාදීම සිදුවනවා.

Related posts

අන්තර්ජාලයේ ප්‍රචණ්ඩත්වය මුදා හරින වීඩියෝ ගැන විමර්ශනයක්

Mohamed Dilsad

අද රාත්‍රී 10 ට යළිත් මුළු දිවයිනටම ඇඳිරි නීතිය

Mohamed Dilsad

මනුෂ්‍ය පරිභෝජනයට නුදුසු සහල් ආනයනය කරලා

Editor O

Leave a Comment