දේශීය

රාජ්‍ය සේවකයින් පෞ. රැකියාවලට යොමු කිරීමට අවධානය

(UTV | කොළඹ) – රාජ්‍ය සේවකයින්ට මෙරටදීම පෞද්ගලික රැකියා සඳහා යොමුවීමට පහසුකම් ලබා දිය හැකි ද යන්න සෙවීම සඳහා කමිටුවක් පත් කර තිබේ.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ මහතා සඳහන් කළේ, වසර 5 ක වැටුප් රහිත නිවාඩු මත රාජ්‍ය සේවකයින්ට පෞද්ගලික අංශයේ හෝ වෙනත් රැකියාවක නියුක්ත වීම සඳහා අවසර දිය හැකි ද යන්න මෙහිදි අධ්‍යයනය කරන බවයි.‍

පත් කළ කමිටුවට සාමාජිකයින් 7 කු ඇතුළත් ය.

සති දෙකක් ඇතුළත එම වාර්තාව තමන්ට ලබා දෙන උපදෙස් දුන් බවද ඔහු ප්‍රකාශ කළා.

එහි නිර්දේශ කඩිනමින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි

Related posts

ජනාධිපතිවරණයට වාරණයක් ඉල්ලා ගොනුකළ පෙත්සමට එරෙහිව, සජබ ශ්‍රේෂ්ඨාධිකරණයට

Editor O

බස්නාහිරින් ගිය පිරිසක් කුලියාපිටියේදී නිරෝධායනයට

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහලට

Mohamed Dilsad

Leave a Comment