දේශීය

“ශාන්තගේ ඇමතිධූරය අහෝසිකරනතෙක් සාකච්ඡා නැහැ”

(UTV | කොළඹ) – පවතින දේශපාලන අර්බුධයට විසදුම් සෙවීම සදහා ජනාධිපතිවරයා සමග සිදුකෙරෙන ඉදිරි සාකච්ඡා සදහා සහභාගී වන්නේ ශාන්ත බණ්ඩාර අමාත්‍යවරයාට ලබාදුන් අමාත්‍යධූරය වහාම අහෝසි කලහොත් පමණක් බව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 එකමුතුව අවධාරණය කරනවා.

අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මේ බව කියා සිටියා.

ඔහු එහිදී වැඩිදුරටත් අවධාරණය කලේ වහාම අග්‍රාමාතවරයා ඇතුලු සමස්ථ ආණ්ඩුවම පාලන ක්‍රියාවලියෙන් ඉවත්විය යුතුයි.

බැසිල් රාජපක්ෂ මහතා විසින් විපක්ෂ සහ ස්වාධීන මන්ත්‍රීවරුන් මුදලට මිළදී ගැනීමේ ජාවාරමක් මේ වනවිට ආරම්භ කර ඇති බවද විමල් වීරවංශ මහතා එහිදී කියා සිටියා.

Related posts

අපි ගනුදෙනු කරන්නේ පාක්ෂිකයන්ගේ අභිමතය අනුවයි – නාමල් රාජපක්ෂ

Editor O

මෙරට පළමු තාක්ෂණික පීඨය ජපුර සරසවියෙන්

Mohamed Dilsad

අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ නැතුව ශල්‍යකර්ම කළ නොහැකි බව කියමින් විශේඥ වෛද්‍යවරියක් ඉල්ලා අස්වෙයි

Editor O

Leave a Comment