දේශීය

ගෝල්ෆේස් විරෝධතාකරුවන් සමග සාකච්ඡාවට සූදානම්

(UTV | කොළඹ) – සමාජ,ආර්ථික හා දේශපාලන හේතු මත ගාලු මුවදොරට රැස්වී දැනට විරෝධතාවයේ නිරතවන පිරිස සමඟ අග්‍රාමාත්‍යවරයා වශයෙන් තමන් සාකච්ඡාවකට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දෙයි.

ඒ අනුව රට හමුවේ මේ මොහොතේ පවතින අභියෝගය ජයගැනීම වෙනුවෙන් විරෝධතාවයේ නිරත පිරිස දක්වන වටිනා අදහස් සාකච්ඡාවට ලක්කිරීමට අපේක්ෂිතය.

මෙම සාකච්ඡාව සඳහා විරෝධතාවයේ නිරත පිරිස සූදානම් නම් තමන් ඒ සඳහා එම පිරිසේ නියෝජිතයන්ට ඊට ආරාධනා කරන බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

Related posts

වැලන්ටයින් සාද පවත්වන්නන්ට පොලිසිය රතු එළි

Mohamed Dilsad

මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාවෙන් තවත් ආසාදිතයන් 190 ක්

Mohamed Dilsad

Leave a Comment