Trending Newsඑසැන පුවත්දේශීය

අපි ගනුදෙනු කරන්නේ පාක්ෂිකයන්ගේ අභිමතය අනුවයි – නාමල් රාජපක්ෂ

(UTV | කොළඹ) –

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කරන්නේ සිය පාක්ෂිකයින්ගේ අභිමතය පරිදි මිස පුද්ගලයින් ආරක්ෂා කිරීමට නොවන බව එම පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හෝමාගම,  පිටිපන පාක්ෂික හමුවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළකළා.

අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද කීවේය. අපේ පක්ෂය ජයග්‍රහණ රැසක් ලැබුවා. ඒ වගේම අභියෝග මුහුණ දුන්නා. අපි ප්‍රතිපත්තිමය කරුණු අනුව දේශපාලන කරන්නේ. අයෝජකයෝ ගෙනැල්ල සංවර්ධනය ඉදිරියට අරගෙන ගියානම් මේ අර්බුදවලට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. අපි ප්‍රතිපත්ති සමග දේශපාලනය කරන්නේ. අපි ගනුදෙනු කරන්නේ පාක්ෂිකයෝ සමග. අපි ගන්න දේශපාලන තීන්දු තුළ මේ සියලු දෙනාම ආරක්ෂා වෙනවා. පක්ෂය ආරක්ෂා කරලා පාක්ෂිකයා ආරක්ෂා කළොත් රටත් ආරක්ෂා වෙනවා.

 

Related posts

New prepaid card for railway passengers

Mohamed Dilsad

Gotabhaya Rajapaksa Stay Order to be considered today

Mohamed Dilsad

බැඳුම්කර නිකුතුවේ ගැසට් නිවේදනය නීත්‍යානුකූලයි

Mohamed Dilsad

Leave a Comment