විදෙස්

චීනයේ ෂැන්ග්හයි නගරය වසා දැමේ

(UTV |  චීනය, ෂැන්ග්හයි) – කොරෝනා වයිරස ව්‍යාප්තිය වේගවත් වීමත් සමග චීනයේ ෂැන්ග්හයි නගරයම වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා.

චීනයේ ප්‍රධානතම වෙළෙද නගරයක් ලෙස සැලකෙන ෂැන්ග්හයි නගරයේ වයිරස ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය සතියේ දී අදියර දෙකක් යටතේ වසා දැමීමට පියවර ගැණුනා.

කෙසේ වුවද වයිරස ව්‍යාප්තිය වේගවත් වීමත් සමග නගරය සම්පුර්ණයෙන්ම වසා දැමීමටයි තීරණය කර ඇත්තේ. මිලියන 25 කට වැඩි ජනගහනයක් වාසය කරන ෂැන්ග්හයි නගරයේ සියලුම නගර වැසියන් කොවිඩ් ආසාදිතභාවය තහවුර කරන පරීක්ෂණ සදහා යොමුකර තිබෙනවා.

නගරය වසාදැමීම තුළින් වයිරස ව්‍යාප්තිය හා ආර්ථිකයට සිදුවන හානිය අවම වන බවයි බලධාරීන් සදහන් කරන්නේ.

Related posts

කොරෝනා පැතිරීම ගැන චීනයට අනතුරු ඇගවීමක්

Mohamed Dilsad

උතුරු කොරියාව කෙටි දුර මිසයිල කිහිපයක් අත්හදා බැලේ

Mohamed Dilsad

ආර්ජන්ටිනා සබ්මැරීනයේ ඔක්සිජන් අවසන් වෙයිද?

Mohamed Dilsad

Leave a Comment