විදෙස්

ආර්ජන්ටිනා සබ්මැරීනයේ ඔක්සිජන් අවසන් වෙයිද?

(UTV|ආර්ජන්ටිනාව) – දකුණු අත්ලාන්තික් මුහුදේදී අතුරුදන් වූ ආර්ජන්ටිනා සබ්මැරීනයේ ඔක්සිජන් සංචිතය අවසන් වෙමින් පවතින බවට තොරතුරු වාර්තාවේ.

මේ හේතුවෙන් එහි සිටින නාවිකයන් 44 දෙනාගේ ජීවිත අවදානම් මට්ටමේ පවතින බව එරට නාවික නිලධාරීන් ප්‍රකාශ කළේය.

අතුරුදන් වූ සබ්මැරීනය සෙවීම සඳහා රටවල් 07කට අයත් නෞකා සහ ගුවන් යානා පැය 24 මුළුල්ලේ මෙහෙයුම්වල නිරතව සිටී.
මෙම සබ්මැරීනය අතුරුදන්ව දින 5ක් ගත වී තිබේ.
නමුත් මෙතෙක් ඒ පිළිබඳ කිසිදු තොරතුරු අනාවරණ වී නොමැත.

සබ්මැරීනයෙන් අවසන් වරට ලැබුණු පණිවුඩයෙන් කියවී ඇත්තේ එහි යාන්ත්‍රික දෝෂයක් පවතින බවය.

Related posts

ඊශ්‍රායලයේ නව අගමැති නෆ්තාලි බෙනට් ජාතිය එක්සත් කිරීමට ප්‍රතිඥාදෙයි

Mohamed Dilsad

කොරියාව රදවා සිටි මලයාසියානුවන් යළි සිය රටට

Mohamed Dilsad

ඩිමොක්‍රටික් නායකයින්ගේ සාකච්ඡා අතරතුර ට්‍රම්ප් නැගිට යයි…

Mohamed Dilsad

Leave a Comment