විදෙස්

ඊශ්‍රායලයේ නව අගමැති නෆ්තාලි බෙනට් ජාතිය එක්සත් කිරීමට ප්‍රතිඥාදෙයි

(UTV | ඊශ්‍රායලය) – වසර දෙකක් තුළ මැතිවරණ හතරකින් පසුද දේශපාලන අස්ථාවරභාවයට පත් වී ඇති ජාතිය එක්සත් කිරීමට ඊශ්‍රායලයේ නව අගමැති නෆ්තාලි බෙනට් ප්‍රතිඥා දී තිබේ.

තම රජය “සියලු ජනතාවගේ යහපත උදෙසා කටයුතු කරවා” යනුවෙන් පැවසූ ඔහු, අධ්‍යාපනය, සෞඛ්‍යය හා අනවශ්‍ය රෙගුලාසි ආදිය ඉවත්කිරීම යන ප්‍රතිසංස්කරණ තම ප්‍රමුඛතාව බව තවදුරටත් පැවසීය.

දක්ෂිණාංශික ජාතිකවාදියකු වූ ඔහු පෙර නොවූ විරූ පක්ෂ සන්ධානයකට නායකත්වය දෙන්නේ ඉරිදා පෙරවරුවේ පැවති ඡන්ද විමසීමේදී 60-59 ක් ලෙස මන්ත්‍රීවරුන්ගේ සහය තමන්ට හිමිකර ගැනීමෙන් අනතුරුවය.

ඔහු ඊශ්‍රායලයේ නව අගමැති වශයෙන් පත්වූයේ වසර 12 ක බලයේ සිටි බෙන්ජමින් නෙතන්යාහු හට බලයෙන් ඉවත්වීමට මග පාදමිනි.

Related posts

සම්මානනීය නිළියක් සිය දිවි නසාගනී

Mohamed Dilsad

රුසියාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටි 4ක් මරුට.

Mohamed Dilsad

සමරිසි විවාහ ගැන ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අද

Mohamed Dilsad

Leave a Comment