දේශීය

ගංවතුරෙන් විපතට පත් වුවන්ට පාකිස්තානයෙන් සහනාදාර

(UTV | කොළඹ) – පාකිස්තානු මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) මොහොමඩ් සාද් කටැක් මහතා, පසුගියදා (12) බේරුවල ප්‍රදේශයට පැමිණ, කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය බියාල් නිශාන්ත ද සිල්වා මහතා සමග එක්වී පාකිස්තාන රජය වෙනුවෙන් ප්‍රදේශයේ ගංවතුරෙන් විපතට පත්වූවන්ට ආහාර ද්‍රව්‍ය බෙදා දුන්නේය.

මහ කොමසාරිස්වරයා ගාල්ල ප්‍රදේශයටද ගොස් ප්‍රදේශයේ ගංවතුරින් විපතට පත්වූවන්ට ආහාර ද්‍රව්‍ය බෙදා හැරියේය. මෙම අවස්ථාවට, කාබනික හා ස්වාභාවික පොහොර නිෂ්පාදන, සැපයුම් හා නියාමන අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා ද සහභාගී විය. ශ්‍රී ලංකාවේ අධික වර්ෂාවෙන් ඇති වූ ගංවතුර හා නායයෑම් හේතුවෙන් බොහෝ ජීවිත අහිමි වී ඇති අතර බොහෝ දෙනෙක් අවතැන් වී ඇති බව සැලකිය යුතු කරුණකි.

මෙම තීරණාත්මක අවස්ථාවේදී පාකිස්තානය ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහයෝගය ලබා දෙන බවත්, මිත්‍ර රටවල් දෙක අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා සහන ආධාර සහ පූර්ණ සහයෝගය ලබා දීමට අඛණ්ඩව කටයුතු කරන බවත් මෙම අවස්ථාවේදී, මහ කොමසාරිස්වරයා සඳහන් කළේය. තවද,ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහයෝගය ලබා දීමට පාකිස්තානය සැමවිටම කැපවී සිටින බවත් ඔහු පැවසීය.

Related posts

ඇමෙරිකාවෙන් පැනවූ තීරු බද්ධ තව දුරටත් අඩු කර ගැනීමට ආණ්ඩුව උපක්‍රමශීලීව කටයුතු කළ යුතුයි – නාමල් රාජපක්ෂ

Editor O

බදු ප්‍රශ්නයට අදාළව ස්ථීර කාලරාමුවක්

Mohamed Dilsad

දැඩි සත්කාර ඒකකයේ සිටි රාජිත සාමාන්‍ය වාට්ටුවකට

Mohamed Dilsad

Leave a Comment