විදෙස්

කොරියාව රදවා සිටි මලයාසියානුවන් යළි සිය රටට

(උදයම්,උතුරු කොරියාව)  – උතුරු කොරියාව රදවා සිටි මලයාසියානුවෝ 9 දෙනෙක් අද සියරට පැමිනෙති.
ඒ උතුරු කොරියානු නායක කිම් ජොං අන්ගේ සොහොයුරු කිම් ජොං නැම් මලයාසියාවේ දී ඝාතනයට ලක්වීමේ සිද්ධියෙන් පසු රඳවා සිටි මලයාසියානුවන් පිරිසකි.

කිම් ජොං නැම් ඝාතනය උතුරු කොරියානු නායකයාගේ නියෝජිතයින් විසින් සිදුකළ බවට චෝදනා එල්ල විය.

මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි උතුරු කොරියානුවන් තුන්දෙනෙකු ද මලයාසියාව විසින් මීට පෙර මුදා හරින ලදී.

ඔවුන් කිම් ජොං නාම්ගේ සිරුර ද සමග උතුරු කොරියාවට යැවීමට මලයාසියාව පියවර ගත්තා.

කිම්ම් ජොං නාම් පසුගිය පෙබරවාරි 13 වනදා කාන්තාවන් ප්‍රමුඛ කණ්ඩායමක් විසින් විෂ රසායනිකයක් ආඝ්‍රාහනය කරවා ඝාතනයට ලක් කළේ ක්වාලාලම්පූර් ගුවන්තොටුපලේදීයි.

Related posts

ඕස්ට්‍රේලියාව ඉන්දියාවේ සිට පැමිණෙන ගුවන් යානා නවතයි

Mohamed Dilsad

යුක්රේන සටනට යන්න ඇමෙරිකානුවන් 3000ක් සූදානම්

Mohamed Dilsad

නාසා ආයතනය සඳ ගමනකට සැරසෙයි

Mohamed Dilsad

Leave a Comment