ප්‍රමුඛ පුවත 1

උපුල් ශාන්ත සන්නස්ගල හා සංහිඳ ප්‍රකාශන ආයතනයට වාරණයක්

(උදයම්,කොළඹ) –  උපුල් ශාන්ත සන්නස්ගල හා සංහිඳ ප්‍රකාශන ආයතනයට වාරණ නියෝගයක් නිකුත් කරයි.
ඒ මහාචාර්ය සුචරිත ගම්ලත් විසින් ලියන ලද ග්‍රන්ථ 12ක් ඒ මහතාගේ බිරිඳගේ අවසරයකින් තොරව ප්‍රකාශයට පත් කිරීම හා විකිණීම වළක්වමිණි.
අභාවප්‍රාප්ත මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ බිරිඳ වන ශාන්තා පද්මපෙරුම මහත්මිය ගොනු කළ නඩුවක් සලකා බැලූ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ටිරාන් ගුණරත්න අද (31) එම නියෝගය නිකුත් කළේය.
වගඋත්තරකරුවන්ට ලබන අප්‍රේල් 07 වන දා වාණිජ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අතුරු තහනම් දැන්වීම් නියෝගයක් හා නොතිසි නිකුත් කරන්නැයි ද අධිකරණය නියෝග කර ඇත.

Related posts

පොදු මහජන සහ වෘත්තිය ක්‍රියාකාරම් 46 ක් සදහා උපදෙස් මාලාවක්

Mohamed Dilsad

පුදුකුඩුඉරිප්පු වනයේ රත්‍රන් සෙවූ පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

මෙරට ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment