විදෙස්

කොරෝනා පැතිරීම ගැන චීනයට අනතුරු ඇගවීමක්

(UTV |කොවිඩ් 19) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයට අනතුරු ඇගවීමක් කර තිබේ.

ඒ කොරෝනා වෛරස් ගෝලීය වසංගතය චීනය දැනුවත්ව ඇති කල එකක් නම් ඔවුන්ට දැඩි ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇති බවටයි.

එමෙන්ම කොරෝනා වෛරසය ලොව පුරා පැතිරීමට පෙර එය මතුවූ චීනයෙන් නවතා ගැනීමට හැකියාවක් තිබූ බවද ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවේදී ජනපති ට්‍රම්ප් පවසා ඇත.

ඔවුන් එසේ නොකල නිසා දැන් වෛරසයෙන් ලොවම පීඩාවට පත්ව තිබේ. චීනයේ අත්වැරදීමකින් පැතිරීමක් සිදුවූයේ නම් එය පිළිගත හැකි කරුණකි.

එහෙත් ඊට ඔවුන් දැනුවත්ව වගකිව යුතුනම් ඊට ප්‍රතිචාරයක් තිබිය යුතු බවද ඇමරිකානු ජනාධිපතිවරයා අවධාරණය කළේය.

Related posts

තායිවාන දුම්රිය අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූවන් ඉහළට

Mohamed Dilsad

ජපානයේ හිටපු අගමැතිට වෙඩි ප්‍රහාර

Mohamed Dilsad

ලෝක ප්‍රකට ටජ්මහල විවෘත කිරීම තවදුරටත් කල් දමයි

Mohamed Dilsad

Leave a Comment