විදෙස්

ලෝක ප්‍රකට ටජ්මහල විවෘත කිරීම තවදුරටත් කල් දමයි

(UTV | කොවිඩ් 19) –  දිනෙන් දින ඉහළ යන ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් හේතුවෙන් අද (06) සිට යළි විවෘත කිරීමට නියමිතව තිබූ ලෝක ප්‍රකට ටජ්මහල තවදුරටත් කල් දැමීමට තීරණය කර ඇත.

ප්‍රාන්ත රජය එය යළි විවෘත කරන දිනය නිශ්චිතව දැක්වීමකින් තොරව ඒ පිළිබඳ නව දැනුම්දීමක් සිදුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ටජ් මහල පිහිටි අග්‍රා නුවර ඉන්දියාවේ වැඩිම කොරෝනා ආසාදිතයන් සිටින ප්‍රදේශයක් ලෙස ද සැලකෙයි.

මේ වන විට ලොව පුරා සිටින කොරෝනා අසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි 15 ලක්ෂ 47,000 ඉක්මවා ගොස් ඇත.

කොරෝනා මරණ සහ ආසාදිතයන් වාර්තාවීම අතින් රුසියාව අභිබවා ඉන්දියාව තුන්වන ස්ථානයට පත්ව තිබෙනවා.

නව මරණ 421ක් සමඟ එරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වුණේ 19,700ක් ලෙසයි.

Related posts

උතුරු දකුණු කොරියා අතර ගුවන් මාර්ගයක්

Mohamed Dilsad

ඊශ්‍රායලය සහ ඉරානය ගැන ඇමෙරිකා ජනාධිපතිවරයා අසතුටින්

Editor O

දකුණු ආසියාවේ කොඩිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 50,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment