දේශීය

ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව තුළ වර්ධනය වෙමින් පවතින තත්ත්වය සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය පවසයි.

රට තුළ උද්ගතව ඇති ආර්ථික අර්බුදයට එරෙහිව සංවිධානය කර ඇති මහජන උද්ඝෝෂණවලට එරෙහිව රජය විසින් “හදිසි නීතිය” සහ වෙනත් සීමා පැනවීම සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ මාධ්‍ය සහ තොරතුරු නිලධාරිනි ලිස් ත්රෝසෙල් පැවසුවා.

“මාර්තු 31 වනදා ජනාධිපතිවරයාගේ නිවස අසල උද්ඝෝෂණයක් පැවැත්වීමෙන් පසුව රජය විසින් අප්‍රේල් 01 වනදා හදිසි නීතිය පැනවීමට තීරණය කළා. එසේම පැය 36ක් සඳහා අන්දිරිනීතියත් ප්‍රකාශයට පත්කළා. අප්‍රේල් 03 වනදා පැය 15ක් පමණ සමාජ මාධ්‍ය අවහිර කළා. එසේම පොලීසිය විසින් අනිසි සහ අනවශ්‍ය ප්‍රචණ්ඩත්වය උද්ඝෝෂකයින්ට එරෙහිව භාවිත කෙරෙන බවටත් වාර්තා පළවෙනවා.”

“අපි රජයේ මෙම ක්‍රියා ගැන සැලකිලිමත් වෙනවා. අපි හිතන්නේ මෙම පියවරයන් ගෙන ඇත්තේ සාමකාමී උද්ඝෝෂණ හරහා නීත්‍යානුකූල ලෙස ජනතාව සිය දුක්ගැනවිලි ප්‍රකාශ කිරීම අධෛර්යමත් කිරීම සඳහා. ඔවුන් මහජනයාට වැදගත් කාරණා සම්බන්ධයෙන් අදහස් හුවමාරුවීම පාලනයට මෙවැනි පියවර ගන්නා බවක් පෙනෙනවා. හදිසි අවස්ථාවන් සම්බන්ධ ක්‍රියාමාර්ග ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට අනුකූල විය යුතු බවත් එය අවස්ථාවට උචිත ලෙස හැසිරවිය යුතු බවත් අපි ශ්‍රී ලංකා රජයට මතක් කරනවා. එසේම විසම්මුතිය මැඩපැවැත්වීමට හෝ සාමකාමී විරෝධතාවලට බාධා කිරීමට එය භාවිත නොකළ යුතුයි”.

Related posts

පිලිපීනයේ භූමිකම්පාවක් : සුනාමි අනතුරු ඇඟවීම්

Editor O

රඹුක්කන – කෑගල්ල මාර්ගය පැය කිහිපයකට වැසේ

Mohamed Dilsad

අද රාත්‍රීයේ සිට යළිත් මුළු දිවයිනටම ඇඳිරි නීතිය

Mohamed Dilsad

Leave a Comment