දේශීය

කලාප 8කට පැය 06ක විදුලි කප්පාදුවක්

(UTV | කොළඹ) – අද දිනයේදී ඇතැම් ප්‍රදේශවලට පැය 06 කට වැඩි විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අනුමැතිය දී තිබෙනවා.

ඒ අනුව P සිට W දක්වා වූ කලාප 08 සඳහා පෙරවරු 08.30 සිට පස්වරු 05.30 දක්වා පැය 04යි මිනිත්තු 30ක කාලයක් සහ පස්වරු 05.30 සිට රාත්‍රී 11.00 දක්වා පැයයි මිනිත්තු 50ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.

ඊට අමතරව A සිට L දක්වා වූ කලාප 12 සඳහා අද දිනයේත් පැය 05ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව අදාළ කලාපවලට පෙරවරු 08.00 සිට පස්වරු 06.00 දක්වා පැය 03යි මිනිත්තු 20ක කාලයක් සහ පස්වරු 06.00 සිට රාත්‍රී 11.00 දක්වා පැයයි මිනිත්තු 40ක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇත.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩීවී චානකට පොහොට්ටුවේ අලුත් තනතුරක්

Editor O

හිටපු ගුවන් හමුදාපති බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයට

Mohamed Dilsad

පහේ ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම තාවකාලිකව අත්හිටුවයි.

Editor O

Leave a Comment