Trending Newsඑසැන පුවත්දේශීය

පහේ ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම තාවකාලිකව අත්හිටුවයි.

ප්‍රශ්නගත තත්ත්වයකට මුහුණ දී ඇති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සමීක්ෂණය තාවකාලිවක අත්හිටුවීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ප්‍රකාශක කළාය. අද (20) පැවැති මාධ්‍ය හමුවකදී ලේකම්වරිය ඒසේ පැවසුවාය.

එම විභාගයට අදාළ ප්‍රශ්න පත්‍රයක් පිටවීමේ සිද්ධියක් හේතුවෙන් මෙම තීරණය ගත් බවද ඇය කීවාය. ඒ සම්බන්ධයෙන් වන පරීක්ෂණ කටයුතු මේ වනවිට විභාග දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන බව ද ඇය සහන් කළාය.

අධ්‍යාපන අමාත්‍යාංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ කඩිනමින් අවසන් කිරීමෙන් පසු ලැබෙන නිගමනය අනුව විභාගය පිළිබඳ ඉදිරි පියවර ගන්නා බවත්, යම් අපරාධමය කරුණක් එළිදරව් වුවහොත් ඒ් පිළිභද නීතිය ක්‍රියාත්මක කරන බවද ඇය කීවාය. ඒ් සහා කෙටි කාලයක් අවශ්‍ය බවත්, මව්පියන් සහ දරුවන් අනපේක්ෂිතව කලබල විය යුතු නැති බවත්, දරුවන්ට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බව ලේකම්වරිය සඳහන් කළාය.

Related posts

කොවිඩ්-19 ණය අයදුම්පත් 61,907 ක් සඳහා බිලියන 178 ක් අනුමත කරයි

Mohamed Dilsad

2018 Local Government Election – Kilinochchi – Poonakary

Mohamed Dilsad

Sri Lanka Minister lauds Telangana Police initiatives

Mohamed Dilsad

Leave a Comment