දේශීය

ආණ්ඩු පක්ෂ 11හේ නායකයින් මහ නාහිමිවරුන් හමුවට

(UTV | කොළඹ) – මුලු රටම හරි මගට ජාතික වැඩපිළිවෙල අද මහානායක හිමිවරුන් වෙත පිළිගැන්වීමට ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11 ක නායකයින් පියවර ගෙන තිබෙනවා.

එම වැඩපිළිවෙල පිළිගැන්වීමෙන් අනතුරුව ඒ පිළිබඳ උන්වහන්සේලාගේ අනුශාසනා ලබාගැනීමට ඔවුන් කටයුතු කරනු ඇති.

ඒ අනුව මෙම පිරිස අද මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැදපුදා ගැනීමෙන් අනතුරුව මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමි සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිමිවරුන් බැහැදැකීමට නියමිතයි.

Related posts

මත්පැන් ආහාරයක් – ඇමති ලාල් කාන්ත

Editor O

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නතර කරයි

Mohamed Dilsad

ප්‍රාථමික පන්තියක සිටිය යුතු සිසුන් ගණන වැඩි කෙරේ

Mohamed Dilsad

Leave a Comment