දේශීය

“සර්ව පාක්ෂික සමුලුවක් කියන්නේ ආණ්ඩුවට විශේෂ සහයෝගයක් දීම නොවේ”

(UTV | කොළඹ) – සර්ව පාක්ෂික සමුලුවක් කැදවීමෙන් අදහස්වන්නේ ආණ්ඩුවට විශේෂ සහයෝගයක් ලබාදීම නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරනවා.

කොළඹදී මාධ්‍යයට අදහස් දක්වමින් මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටියේ මහජනතාව පත්ව ඇති අර්බුදකාරි තත්වයට විසදුම් සාකච්ඡා කිරීම මෙම සමුලුව හරහා බලාපොරොත්තු වන බවයි.

පවතින අර්බුදකාරී තත්ත්වයෙන් රට නගා සිටුවීමේ වගකීම සියලු දේශපාලන නායකයින්ට පැවරී ඇති බවද ඔහු පැවසීය.

ඇතැම් දේශපාලන නායකයින් සමුළුවට සහභාගි වන බව පවසද්දී තවත් දේශපාලන නායකයන් තම ප්‍රතිපත්ති මත එම ආරාධනාව ප්‍රතික්ෂේප කර ඇති බව හිටපු ජනාධිපති සිරිසේන මහතා පැවසීය.

කෙසේ වෙතත් ශ්‍රීලනිප සභාපතිවරයා සිය අදහස් ප්‍රකාශ කිරීම සඳහා සහ ජනතාවගේ බරින් නිදහස් කර ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා සමුළුවට සහභාගි වන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේය.

Related posts

සුළුතර ජනාධිපති පොරොන්දු කිසිවක් ඉටු කර නැහැ – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර්

Editor O

රාජ්‍ය සේවා කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකයි

Mohamed Dilsad

ඉදිරියේදී ප්‍රදේශ කිහිපයක වැසි තත්ත්වයේ වැඩිවීමක්

Mohamed Dilsad

Leave a Comment