දේශීය

ශ්‍රී ලංකාව චීනයෙන් තවත් ඩොලර් බිලියන දෙකහාමාරක ණයක් ඉල්ලයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව චීනයෙන් තවත් ඩොලර් බිලියන දෙකහාමාරක ණයක් ඉල්ලා තිබෙනවා.

ඒ ඩොලර් බිලියනයක ණය මුදලක් සහ ඩොලර් බිලියන එකහාමාරක ණය පහසුකමක් ලෙසයි.

චීන තානාපති චී වෙන්හොං කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී කියාසිටියේ එම ඉල්ලීම සම්බන්ධයෙන් චීනය සළකා බලමින් සිටින බවයි.

2020 වසරේ සිට මේ දක්වා චිනය විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.8 ක ණය සපයා ඇතැයිද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

ඩොලර් බිලියන 1.5 ක විනිමය හුවමාරු පහසුකමක්ද ඒ අතර වනවා.

ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණදී සිටින තත්වයෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට චීනය කිසිදු විටක සූදානම් නොමැති බවද තානාපතිවරයා සඳහන් කළා.

මීට වසර 70 කට පෙර චීනය වැටී සිටි තත්වයේදී ශ්‍රී ලංකාව උපකාර කල ආකාරය අමතක නොවන බවයි චී වෙන්හොං මහතා කියාසිටියේ.

ශ්‍රී ලංකාවේ ඇති චීන ව්‍යාපෘති හරහා රැකියා 11,000 ක් පමණ නිර්මාණය වී ඇතැයිද තානාපතිවරයා පෙන්වා දුන්නා.

කොළඹ වරාය නගරයට දැනටමත් ඩොලර් බිලියන 1.05 ක පමණ ආයෝජන ලැබී ඇති බවත් චී වෙංහොං වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Related posts

අධ්‍යාපනයේ තටු ගලවා හම ගසන ආණ්ඩුව සමග සාකච්ඡා අසාර්ථකයි..: විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය වර්ජනයකට සූදානම්…!

Editor O

වතාවක් පැරදුණු හොරණ නගර සභාවේ, මාලිමා අයවැය, න්‍යායපක්‍රයට පිටින් තුච්ච වැඩක් කර සම්මත කරයි ; විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් දැඩි විරෝධයක්

Editor O

නිදහස් දින පෙරහුරුව වෙනුවෙන් හෙට විශේෂ රථවාහන සැලැස්මක් [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment