ක්‍රීඩාදේශීය

ආසියානු ක්‍රිකට් සභාපති ජනපති හමුවෙයි

(UTV | කොළඹ) – ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන ලේකම් ජේ ෂා මහතා අද (18දා) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහා සභා රැස්වීමට සහභාගී වීම සඳහා ජේ ෂා මහතා ඇතුළු ආසියානු රටවල නියෝජිතයෝ 40දෙනෙක් මෙරටට පැමිණ සිටිති.

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

ආයුධ සමඟ හිටපු ප්‍රාදේශීයසභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ විශේෂ රැස්වීමක්

Mohamed Dilsad

LPL පළමු තරඟයේ ජය Colombo Kings කණ්ඩායමට

Mohamed Dilsad

Leave a Comment