දේශීය

තවත් බිත්තර තොගයක් දිවයිනට

ඉන්දියාවෙන් ආනයන කළ තවත් බිත්තර තොගයක් ඊයේ (04) රාත්‍රී දිවයිනට රැගෙන ආ බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

 

එහි සභාපති අසිරි වලිසුන්දර මහතා පැවසුවේ, මේවන විට බිත්තර මිලියන 04ක් ආනයනය කර ඇති බවය.

 

බිත්තර මිලියන 2ක ප්‍රමාණයක් පසුගිය 23 වැනිදා පළමු වරට ආනයනය කෙරෙණු අතර දින 4කට පමණ පෙර තවත් බිත්තර මිලියනයක් ආනයනය කෙරෙණු බව ඔහු පැවසීය.

 

එම බිත්තර තොගය මේවනවිට අනුමැතිය සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති බව සඳහන්ය.

 

ඊයේ රාත්‍රී ආනයනය කෙරෙණු බිත්තර නියදි අද (05) දිනයේ පරීක්ෂණාගාර වෙත යොමු කරන බව ආසිරි වලිසුන්දර මහතා පැවසුවේය.

 

ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන බිත්තර සාමාන්‍ය පාරිභෝගිකයින්ට අලෙවි කිරීම සඳහා මේ වන තෙක් අවසර ලැබී නොමැති බවද ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේය.

 

 

Related posts

ජාතික රෝහලේ සුළු සේවකයින් තිදෙනෙකුටත් කොරෝනා බව හෙළි වෙයි

Mohamed Dilsad

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කරන්නන්ට දැනුම් දීමක්

Mohamed Dilsad

අද පැය 3 ක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment