දේශීය

සත්ත්ව සුබසාධන පනත් කෙටුම්පතක්

(UTV | කොළඹ) – සත්ත්ව සුබසාධන පනත් කෙටුම්පත, කෙටුම්පත් කිරීමේ කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා 2020 ඔක්තෝබර් මස 19 වැනි දා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දි අනුමැතිය ලැබී තිබුණා.

ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් කෙටුම්පත් කර ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිශ්කාශනය ලැබුණු බව වාර්තා වෙනවා.

එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරු ව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදි‍රිප ත් කිරීමටත් කෘෂි ඇමති විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව යි සඳහන් වෙන්නේ.

Related posts

ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන ඔස්ට්‍රේලියා ක්‍රිකට් බලධාරීන් අවධානයෙන්

Mohamed Dilsad

අභ්‍යාසලාභීන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ආරම්භ කෙරේ

Mohamed Dilsad

මහජන විමුක්ති හමුදාවේ පර්යේෂණ නියෝජිත කණ්ඩායමක් මෙරටට පැමිණේ.

Editor O

Leave a Comment