දේශීයප්‍රමුඛ පුවත 1

ආගමික නායකයන්ට මහින්ද දේශප්‍රියගෙන් දැනුම්දීමක්

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කොට ඇති කාලය තුළ ආගමික ස්ථානවල දේශපාලන රැස්විම් පැවැත්වීමට හා ආගමික උත්සවවල දී ඡන්ද අපේක්ෂකයින් වෙනුවෙන් ප්‍රවර්ධන කටයුතු කිරීම සම්පුර්ණයෙන්ම තහනම් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

අද (03) මහනුවරදී මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැකීමෙන් පසු මාධ්‍යවේදීන් අමතමින් ඔහු මේ බව පැවසුවේය.

මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ 1981 පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 79 වැනි වගන්තියේ දැක්වෙන අයුතු බලපැම් යන ඡේදය යටතේ මෙම කටයුතු තහනම් වන බවයි.

ආගමික ස්ථානවල පැවැත්වෙන ආශීර්වාද පූජාවන් ,යාඥාවන්හා දේව මෙහෙයන් හිදී දේශපාලන ප්‍රවර්ධන කටයුතු තහනම් වුවද,භික්ෂුන් වහන්සේලාට,පූජකවරැන්ට,මව්ලවිවරුන්ට හා කුරුක්කල් වරැන්ට දේශපාලන අයිතිය තිබෙන බැවින් දේශපාලන කටයුතුවල යෙදීමට ඔවුන්ට බාධාවක් නැති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

 

Related posts

සමූපකාරය ඩිජිටල් යුගයට පිවිසිය යුතුයි – අමාත්‍ය රිෂාඩ් බදියුදීන්

Mohamed Dilsad

බෝට්ටු 25 ක් ගිනි තබා විනාශයි

Mohamed Dilsad

අද සිට කාලගුණයේ වෙනසක්

Mohamed Dilsad

Leave a Comment