දේශීය

දුම්රිය වැඩ වර්ජනය නිසා අතිරේක ලංගම බස්

(UTV | කොළඹ) – හදිසි දුම්රිය වැඩ වර්ජනයක් වාර්තා වී ඇති අතර එයින් මගීන් අපහසුතාවට පත්වීම වැළැක්වීම සඳහා අතිරේක බස් රථ යෙදවීමට අදාළ ඩිපෝ කළමනාකරුවන්ට දැනුම් දී ඇති බව ශ්‍රීලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසයි.

දුම්රිය වැඩ වර්ජනය නැවතීමක් නොමැතිව පැවතුනහොත් ඒ වෙනුවෙන්ද බස් රථ ධාවනය කිරීමට සියලු කටයුතු සූදානම් බව පවසන ලංගම සභාපතිවරයා පවසා සිටියේ සියලු රාජකාරි කටයුතු සඳහා ගමන් කරනා සේවක මහත්ම මහත්මීන්ට අදාළ ඩිපෝ කළමනාකාරවරුන්ට ඒ පිළිබඳව දැනුම් දෙන ලෙසයි.

Related posts

විදේශ ප්‍රේෂණවල වර්ධනයක්

Mohamed Dilsad

පොලිස් කොමිෂම ආණ්ඩුවේ රූකඩයක්ද…? – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

ජීවන වියදම් කමිටුවේ යෝජනා පිළිබඳ අවසන් තීන්දුව

Mohamed Dilsad

Leave a Comment