දේශීය

බිත්තර කතාවේ අලුත්ම තත්ත්වය

ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන පළමු බිත්තර තොගය නැව්ගත කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

 

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අදාළ බිත්තර තොගය ඊයේ (20) දිනයේ බහාලුම් ගත කිරීමට පියවර ගත් බවය.

 

ඒ අනුව ඉන්දියාවේ තූත්තිකුඩි වරායේ සිට අදාළ බිත්තර තොගය දිවයිනට රැගෙන ඒමට සැලසුම් කර තිබේ.

 

පළමු තොගය ලෙස බිත්තර මිලියන 02ක් ආනයනය කිරීමට සැලසුම් කර ඇති අතර මෙම බිත්තර ආනයනය කිරීම අවස්ථා කිහිපයකදීම කල් දැමීමට සිදුවුණි.

 

ආනයනය කිරීමෙන් අනතුරු බේකරි කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන සඳහා එම බිත්තර ලබාදීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍යංශය සඳහන් කළේය.

Related posts

මෙරට කොරෝනා ආසාධිතයන් අතර විදේශිකයන් දෙදෙනෙක්

Mohamed Dilsad

යුක්‍රේන සංචාරකයින්ගේ සංචාර හදිස්සියේ අවලංගු කෙරේ

Mohamed Dilsad

විදේශ මුදල් තැන්පත් කරන්න නව බැංකු ගිණුමක්

Mohamed Dilsad

Leave a Comment