දේශීය

SJB සර්ව පාක්ෂික සමුලුව වර්ජනය කරයි

(UTV | කොළඹ) – ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා දිනයේදී පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සමුලුවට සහභාගී නොවීමට ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයද තීරණය කර තිබෙනවා.

පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කියා සිටියේ අද පෙරවරුවේ පැවති පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී එම තීරණය ගත් බවයි.

මෙම සමුලුවට සහභාගී නොවීමට ජාතික ජන බලවේගයද තීරණය කල බව පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.

කෙසේ වෙතත් ද්‍රවිඩ ජාතික සන්ධානය තීරණය කර ඇත්තේ මෙම සමුලුවට සහභාගී වීමටයි.

Related posts

ඇමෙරිකාවේ බදු අපට ගැටළුවක් නැහැ : ට්‍රම්ප් ට උතුර දකුණ හොයාගන්න බැරිවෙන්නම සුනිල් හඳුන්නෙත්ති කියයි.

Editor O

දකුණු ආසියාවේ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළට

Mohamed Dilsad

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 4ක්

Mohamed Dilsad

Leave a Comment