Trending Newsඑසැන පුවත්දේශීය

ඇමෙරිකාවේ බදු අපට ගැටළුවක් නැහැ : ට්‍රම්ප් ට උතුර දකුණ හොයාගන්න බැරිවෙන්නම සුනිල් හඳුන්නෙත්ති කියයි.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ගේ නව තීරුබදු ප්‍රතිපත්තිය අනුව, ශ්‍රී ලංකාවට පැනවෙන සියයට හතළිස් හතරක් වූ නව තීරු බද්ද ශ්‍රී ලංකාවට තර්ජනයක් නොවන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

ඉදිරියේදී මෙරටට නව තිරු බදු ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා පැවසීය.

ඇමෙරිකාව ලෝකයේ අනිත් රටවල් සමග ඇතිකර ගන්නා වෙළඳ බාධාවල් තුළින් ලෝකයේ නව වෙළඳපළවල් ශ්‍රී ලංකාවට විවෘත වනු ඇතැයි විශ්වාසයක් ඇති බවද හෙතෙම කියයි.. එනිසා වත්මන් තත්ත්වය බාධාවක් ලෙස සලකනවාට වඩා අවස්ථාවක් ලෙස භාර ගැනීමට සූදානම් බවත් ඇමතිවරයා පැවසුවේය.

ඇමෙරිකානු නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හඳුන්නෙත්ති ඇමතිවරයා එම අදහස් පළ කළේය.

Related posts

மேடையில் இருந்து திடீரென ரசிகர் கூட்டத்தின் மீது பாய்ந்து குதித்த பிரபல நடிகர்!

Mohamed Dilsad

தேசிய புலனாய்வுத்துறை தலைவராக மேஜர் ஜெனரல் ருவன் குலதுங்க நியமனம்

Mohamed Dilsad

நாலக சில்வாவை உடனடியாக பணி இடைநீக்கம் செய்ய சட்டம் மற்றும் ஒழுங்கு அமைச்சு பரிந்துரை

Mohamed Dilsad

Leave a Comment