දේශීය

ජනාධිපති ඉල්ලා අස්වීම ගැන පළවන වාර්තා අසත්‍යයි

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සලකා බලමින් සිටින බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තාවල කිසිඳු සත්‍යතාවක් නොමැති බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

එසැණ කළ විමසීමකදී ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මේ බව සඳහන් කළා.

එය සංවිධානාත්මකව ගොතන ලද අසත්‍ය ප්‍රකාශයක් බවයි ඔහු සඳහන් කළේ.

පවතින ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා ජනාධිපතිවරයා අවශ්‍ය දත්ත ලබාගනිමින් සියලුම කටයුතු කළමනාකරණය කරමින් පවතින බවයි ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

පිළිගත් මූලාශ්‍රයක් නොමැති මෙවැනි තොරතුරු විශ්වාස කිරීමෙන් වළකින ලෙසයි ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහජනතාවගෙන් ඉල්ලා සිටියේ.

Related posts

මෙරට කොරෝනා රෝගීන් ගණන තවත් ඉහලට

Mohamed Dilsad

ලෙබනනයේ සිට ලාංකිකයින් පිරිසක් හෙට දිවයිනට

Mohamed Dilsad

චෙන්නායි රැඳී සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment