දේශීය

සෞදි විදේශ ඇමති ශ්‍රී ලංකාවට

(UTV | කොළඹ) – සෞදි අරාබියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් පර්හාන් අල් සවුඩ් මහතා ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සදහා අද (3) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

එතුමා සමග දූත පිරිස ලෙස එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් 18 දෙනෙකු ද පැමිණ සිටියහ.

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි , සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ .

මෙම සෞදි අරාබි විදේශ අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස අද දින සවස , ඔවුන් පැමිණි විශේෂ ගුවන් යානයෙන්ම ආපසු පිටත්ව යාමට නියමිතය.

Related posts

විදුලි සේවකයන් 25,000 ක් කොළඹට

Mohamed Dilsad

රනිල් පාස්කු කොමිසම හමුවට පැමිණෙයි

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ සහ අවට ආරක්ෂාව තර කෙරේ

Mohamed Dilsad

Leave a Comment