දේශීය

ගුරු සංගමට තවත් ගැටළුවක්

(UTV | කොළඹ) – 2021 උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීම සඳහා ගුරුවරුන්ට ලබා දී ඇති දීමනාව සැලකිය යුතු ලෙස අඩුවීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බව ලංකා ගුරු සංගමය පවසයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් අදහස් දක්වමින් කියා සිටියේ ගුරුවරුන්ට මීට පෙර ලබාදුන් දීමනාව මේ වසරේදීත් ලබාදිය යුතු බවයි.

ඔවුන් එම දීමනාවට වර්ධකයක් බලාපොරොත්තු නොවන බව ඔහු පැවසීය.

එම තීරණය සංශෝධනය කිරීමට පියවර ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දුන් බව පැවසූ ස්ටාලින්, කෙසේ වෙතත් තවමත් පියවර ගෙන නොමැති බවද කියා සිටියේය.

Related posts

විශ්‍රාමිකයන්ගේ දැවැන්ත විරෝධතාවයක්

Mohamed Dilsad

අප්‍රේල් 7 රටපුරා සජබෙන් විරෝධතා 150ක්

Mohamed Dilsad

42 වන කොරෝනා මරණය

Mohamed Dilsad

Leave a Comment