දේශීය

ගුරු සංගමට තවත් ගැටළුවක්

(UTV | කොළඹ) – 2021 උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීම සඳහා ගුරුවරුන්ට ලබා දී ඇති දීමනාව සැලකිය යුතු ලෙස අඩුවීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බව ලංකා ගුරු සංගමය පවසයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් අදහස් දක්වමින් කියා සිටියේ ගුරුවරුන්ට මීට පෙර ලබාදුන් දීමනාව මේ වසරේදීත් ලබාදිය යුතු බවයි.

ඔවුන් එම දීමනාවට වර්ධකයක් බලාපොරොත්තු නොවන බව ඔහු පැවසීය.

එම තීරණය සංශෝධනය කිරීමට පියවර ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දුන් බව පැවසූ ස්ටාලින්, කෙසේ වෙතත් තවමත් පියවර ගෙන නොමැති බවද කියා සිටියේය.

Related posts

කොරෝනා රෝගීන්ගෙන් සුවය ලැබූ සංඛ්‍යාව තවත් ඉහළට

Mohamed Dilsad

හිටපු ඇමති රාජිත සේනාරත්නගේ පෙත්සමක් සලකා බැලීමට මහාධිකරණය දින නියම කරයි

Editor O

පවුල් ලක්ෂ 14 කට පන්දහසේ සහනාධාරය ලබාදී අවසන්

Mohamed Dilsad

Leave a Comment