දේශීය

පවුල් ලක්ෂ 14 කට පන්දහසේ සහනාධාරය ලබාදී අවසන්

(UTV | කොළඹ) – 14 ලක්ෂයකට අධික පවුල් සංඛ්‍යාවකට රුපියල් 5000 සහනාධාර මුදල ලබා දී ඇති බව රජය පවසයි. 

රුපියල් 10,000 වියළි ආහාර මල්ල ලබා දී ඇති පවුල් සංඛ්‍යාව 43,000 කට අධිකයි.

ඔක්තෝබර් මාසය තුළ හා නොවැම්බර් 10 වැනි දා දක්වා කාලය තුළ එම සහන ලබාදී ඇත.

රුපියල් 10,000 වියළි ආහාර මල්ල කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 7500 ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 7000 ක් සහ කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 4000 ක් සඳහා ලබාදී තිබේ.

Related posts

මුං ඇට සඳහා සහතික මිලක්

Editor O

කොළඹ මහල් නිවාස හුදකලා බව ඉවත් කරන්න සුදානම්

Mohamed Dilsad

සබරගමු මහ සමන් දේවාලය යළි විවෘත කරයි.

Editor O

Leave a Comment