දේශීය

වෙළෙඳපොළේ ‘ඉන්ධනට’ හිඟයක්

(UTV | කොළඹ) – ඉන්ධන තොග සීමිතව ඇති බැවින් ඉල්ලීමට සරිලන සැපයුමක් කළ නොහැකි බව ත් මේ වන විට සැපයිය හැක්කේ, දෛනික ඉල්ලුමෙන් සියයට 50ක් පමණක් බව ත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කළේය.

මේ වන විට වෙළෙඳපොළේ හිඟයක් ඇතැයි පෙනී යන්නේ ඒ හේතුව නිසා බව අමාත්‍යවරයා කීය.

පෙට්‍රල් නැවක් මේ වන විට කොළඹ වරායට පැමිණ ඇති බව ත් එයට මුදල් ගෙවා ඇති අතර එය ද අද වෙළෙඳපොළට නිකුත් කරන බවත් හෙතෙම සඳහන් කළේ ය.

ඒ සමගම කොළඹ වරායට ඩීසල් නැවක් ද පැමිණ ඇති නමුත් එයට ගෙවීමට අවශ්‍ය ඩොලර් මිලියන 35 මෙතෙක් සූදානම් කර ගත නොහැකිව ඇති බැවින් එය ගොඩබාන දිනයක් කිව නොහැකි වී ඇතැයි ද ඔහු කියා සිටියේ ය.

බලශක්ති අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, වෙළෙඳපොළේ පවතින ඉන්ධන හිඟය ගැන කළ විමසුමකදී ය.

අප වාර්තාකරු කියා සිටියේ, ඉන්ධන පිරවුම්හල් කිහිපයක ඉන්ධන නොමැතිකම හේතුවෙන් මෙලෙස ඉන්ධන ලබා ගැනීම සඳහා දිගු පෝලිම් පවතින බවය. ඔහු කියා සිටියේ ය.

Related posts

‘ගිනි කන්දක් උඩ ටෙනිස් බෝල ගහන්න එපා’

Mohamed Dilsad

සනත් ජයසූරියගේ තනතුරට වසරක සේවා දිගුවක්

Editor O

සීමා නිර්ණය නැවත වෙනස්විය යුතුයි – වජිර අබේවර්ධන

Mohamed Dilsad

Leave a Comment