දේශීය

‘ගිනි කන්දක් උඩ ටෙනිස් බෝල ගහන්න එපා’

(UTV | කොළඹ) – ගිනි කන්දක් උඩ ටෙනිස් බෝල ගහන්නේ නැතිව, රටේ ජනතාවගේ සහ ජාත්‍යන්තර විශ්වාසය දැනගත හැකි වැඩපිළිවෙලකට යමු යැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී අද (4) පැවසීය.

රටේ ජනාධිපතිවරයෙක් සිටින නමුත් ඔහු ඇහැට පේන්න නැතැයි කී වීරවංශ මහතා ජනතාවගේ පීඩාවට විසඳුමක් පේන තෙක් මානයක නැති බවද කීය.

රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක එම ගැටලු විසදීමේ ක්‍රමවේද සම්බන්ධයෙන් ජනතාවට විශ්වාසයක් ඇති කරමින් තත්වය පැහැදිලි කිරීමට ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා පාර්ලිමේන්තුවේ නොමැති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා කරනවා.

අද පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ රටේ පවතින පාලන තන්ත්‍රය පිළිබද ජාත්‍යන්තරය තුළ කිසිදු විශ්වාසයක් නොමැති බවයි.

මේ අතර පවතින අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොදී සියලු පක්ෂ එකතු වී සර්වපාක්ෂික පාලනයක් පිහිටුවීමේ වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවයි මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා කියා සිටියේ.

Related posts

හිටපු පොලිස්පති හැංගිලා ඉන්නේ වර්ග අඩි 65,000ක් ඇතුළේ – මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති වටගල

Editor O

බන්ධනාගාර ගත රැඳවියන් සඳහා ආපනශාලා වෙත තැන්පත් කරන මුදල ඉහළට

Mohamed Dilsad

සිංහරාජය මැදින් පාරක් කැපීමට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම ජනවාරි 23 කැඳවීමට නියෝග

Editor O

Leave a Comment